තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා සිදුකිරීමට නියමිතයි

Spread the love

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ සිකුරාදා (10) සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

ඔහු ඊයේ සිය නිවසේ විදුලි රැහැන් දෙකක් සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඔහු ඒ වන විටත් ඔහුගේ දේහය තැන්පත් කිරීම සඳහා කළුතර ප්‍රදේශයේ ඔහුගේ සුසාන භූමිය සූදානම් කර තිබුණි. ඔහුගේ අවසන් ප්‍රාර්ථනාව වූයේ ඔහු මිය ගොස් පැය 24ක් ඇතුළත ඔහුගේ දේහය මිහිදන් කිරීමත් ඔහුගේ දේහය ඔහුගේම මැදිරියක තැන්පත් කිරීමත්ය.

2017 ජුනිය කළුතර දිස්ත්‍රික්කය මතුගම අගලවත්ත කිරිඇල්ල , බේරුවල හා ප්‍රදේශ ගණනාවකට ඔහු කල සේවය දැක අප එකතු වු විශාල ආධාර ද්‍රව්‍ය තොගයක් ඔහුට ලබාදීමට තීරණය කරපු එක ගැන එදා වගේම අදත් සතුටුයි .හරි දෙයක් හොඳ වැඩක් රැයක් දවාලක් නැතුව නොකා නොබී බොහොම කැපවීමෙන් කරනවා අපි ඇස් දෙකෙන්ම දැක්කා.

                                පාලිත තෙවරප්පෙරුම ඔබට සුභ ගමන් ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *