වාර්ෂික SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ නොපවැත්වේ

Spread the love

වාර්ෂික SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට ගත් තීරණයට බලපෑවේ කොළඹ මාර්ග  සංඥාවල යාචක උවදුර පැතිරීම බව ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2015 වසරේ කොළඹ පැවති SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුවට සම්බන්ධ ආසියා ශාන්තිකර කලාපීය II රැස්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දුන් බවත්, නියෝජිතයින් 150 දෙනෙකු ඊට සහභාගී වූ බවත්ය. 2025 දී SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ලංසුවක් ඉදිරිපත් කළ මහා සභා රැස්වීමක් රුවන්ඩාවේ පැවති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“රැස්වීමට සහභාගී වූ නියෝජිතයින් කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසල හිඟන්නන්  සිටින ආකාරය නිරීක්ෂණය කළ අතර, ඔවුන් කොළඹ විවිධ ස්ථානවලට ගමන් කිරීමේදී අප්රසන්න අත්දැකීම් සහ සැලකිය යුතු වාහන තදබදයක් ඇති විය,” ඔහු පැවසීය.ලංසුව ජයග්‍රහණය කිරීමෙන් මෙම උත්සවය සඳහා විවිධ රටවලින් නියෝජිතයින් රැසක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රටට සැලකිය යුතු විදේශ ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් රුවන්ඩාවේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමෙන් ලැබුණු පණිවුඩයේ දැක්වෙන්නේ කොළඹ නගර සීමාවේ මාර්ග  සංඥාවල යාචක උවදුර හේතුවෙන් SMMT ජාත්‍යන්තර මෝටර් රථ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *