උත්සව සමය සඳහා ප්‍රමාණවත් සහල්, එළවළු, බිත්තර, කුකුල් මස්, පලතුරු වෙළෙඳපොළට

Spread the love

උත්සව සමය සඳහා ප්‍රමාණවත් සහල්, එළවළු, බිත්තර, කුකුල් මස්, පලතුරු වෙළෙඳපොළට සපයනු ලැබේ
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය නිෂ්පාදිත සහල්, එළවළු, බිත්තර, කුකුල් මස් සහ පලතුරු හිඟයකින් තොරව වෙළෙඳපොළට සපයා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මීට මාසයකට පමණ පෙර ශීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල සහ එළවළු හිඟය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ඔහු පැවසීය. මෙරට නිෂ්පාදනය ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය ප්‍රමාණයට වඩා කුකුළු මස්, බිත්තර, එළවළු, පළතුරු සහ සහල් දැන් වෙළෙඳපොළේ තිබේ.

“අවුරුදු කාලෙට කැරට් කිලෝවක මිල රුපියල් 5000 දක්වා ඉහළ යන බව ජනතාවත් ප්‍රකාශ කළා.ඒත් දැන් කැරට් මිල පමණක් නොව අනෙකුත් සියලුම එළවළුවල මිලත් අඩුවෙලා.සමහරු එහෙම කිව්වත් බිත්තරයක මිල රුපියල් 75 දක්වා ඉහළ යනු ඇති අතර බිත්තර මිලද රුපියල් 40 දක්වා අඩු වී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *