හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාට් කබ්රාල් මහතාට මැයි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) සිතාසි නිකුත් කර තිබේ

Spread the love

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාට් කබ්රාල් මහතාට මැයි 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) සිතාසි නිකුත් කර තිබේ.
ඒ, පසුගිය 07 වනදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිවලට අනුව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම මැයි 02 වැනිදා දක්වා දීර්ඝ කරන බවද අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැගුණවෙල මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

අජිත් නිවාට් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ තම හිතවතුන්ට භාණ්ඩාගාර බිල්පත් විකුණා රජයට භාණ්ඩාගාර බිල්පත් ලබාදුන් බවට එල්ල වූ පැමිණිල්ලක් මත අධිකරණයට කැඳවා තිබිණි.

හිටපු මහ බැංකු අධිපති කීර්ති තෙන්නකෝන් මහතා විසින් චෝදනා 6ක් සම්බන්ධයෙන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අද අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් හිටපු මහ බැංකුවේ අතිරේක අධිපති අජිත් නිවාට් කබ්රාල් මහතාට සිතාසි නිකුත් කර තිබේ.

පැමිණිල්ල සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාට් කබ්රාල්ට විදේශගතවීම වළක්වමින් නියෝගයක් නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *