සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහජන විමුක්ති පෙරමුණ සමඟ හෙට සාකච්ඡා කරනවා

Spread the love

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා ප්‍රමුඛ මහජන විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් හෙට පස්වරු 3 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණට අමතරව විපක්ෂයේ එක්සත් ජනතා ශක්ති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන පක්ෂ 11ක් සහ දෙමළ නායකයින් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහ කණ්ඩායම් සමඟ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
සර්ව පාක්ෂික පාලනයක් සඳහා පක්ෂ ඉදිරිපත් කළ අදහස් ඇතුළත් වාර්තාවක් ද අද සියලු පක්ෂ වෙත භාරදීමට නියමිතයි.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *