වසර 55කට පසු රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ඇරඹේ

Spread the love

රත්මලාන ගුවන් තොටුපළෙන් නියමිත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සැලසීමට රජය සූදානම් වනවා.

ඒ අනුව මෙම ගුවන් සමාගම් විසින් අය කරන ගුවන් ගමන් බද්ද 50% කින් අඩු කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

එය මේ මස 27 වැනිදා සිට වසරක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
වසර 55කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 27 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *