ලබන සතියේ ගෑස් ටැංකි හයක් එනවා – ලිට්‍රෝ

Spread the love

තවත් ගෑස් ටැංකි හයක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අනුව මෙම මාසය සඳහා ගෑස් තොගය මෙ.ටොන් 33,000ක් වනු ඇත.

ලිට්‍රෝ සමාගම පැවසුවේ, ජනතාවට අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම සඳහා ආනයනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි.

මීට පෙර වෙළෙදපොළට නිකුත් කළ ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000ක් පමණ වුවද මේ වන විට එය ලක්ෂයක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *