ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් පාඩු ලබනවා – බලශක්ති ඇමැති

Spread the love

ලබන 18 වැනිදා ඉන්ධන මිල වැඩි කළද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංජන විජේසේකර මහතා පැවසීය.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ ගියද පාඩු ලබමින් අලෙවි කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 313ක් වුවත් එය අලෙවි වන්නේ රුපියල් 87කට බව ඔහු පැවසීය.

රුපියල අවප්‍රමාණය වීම සහ ලිහිසි තෙල් මිල ඉහළ යාම හේතුවෙන් පාඩුව වැඩි වෙමින් පවතින බවත්, අප්‍රේල් 18 වැනි දින වැඩිවීමට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දිනකට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1613ක් බවත් විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *