රඹුක්කන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබේ.
ඔහු ට්විටර් සටහනේ සඳහන් කර ඇති පරිදි;
නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වයේ අසාධාරණය පිළිබඳව මම ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කළෙමි.
රඹුක්කන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක අවශ්‍යතාව පිළිබඳවද මම සාකච්ඡා කළෙමි.
සාමකාමී විරෝධතාවලට සම්බන්ධ වූවන් ඇතුළු සියලුම සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙන කවරදාටත් වඩා දැන් පියවර ගත යුතුව ඇත.