යාපනයේ ඉඩම් අක්කර 2000ක් තවමත් ආරක්ෂක අංශ යටතේ පවතින බව ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව කියා සිටියේ අද යාපනයේ පැවති සිය පියා වන සෙල්වාගේ ජන්ම දින උපහාර උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනතාවගේ ඉඩම් රජයේ කාර්යාලවලට හෝ හමුදාවට පවරා නොගන්නා බව පසුගිය 25 වැනිදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් යාපනය පලාලි ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000ක් පමණ තවමත් නිදහස් කර නැහැ.
මේ හැර මුහුදුබඩ ප්‍රදේශයේ ඉඩම් අක්කර 539ක් තවමත් නිදහස් කර නැහැ. විශේෂයෙන්ම ඉඩම් අත්පත් කර ගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මීට අමතරව බෞද්ධ සංකේත පිහිටුවීමට ද විවිධ ආකාරයෙන් කටයුතු කරමින් පවතී. මේවා වහාම නැවැත්විය යුතුයි. අපි ජනාධිපතිතුමාට කියලා තියෙනවා මාස තුනක් ඇතුළත මේවා විසඳන්න ඕන කියලා. දැනට පවරාගෙන තිබෙන ඉඩම්වල විස්තරත් අපි ළඟ තියෙනවා.