තමා ඉල්ලා අස්වීමට ගත් තීරණය සහ එතැන් සිට රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සත්‍ය ප්‍රකාශයක් ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම මාධ්‍ය හමුව ඉදිරි දින කිහිපයේදී කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්, ඒ සඳහා සියලුම මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවත් ඔහු පැවසීය.
එම මාධ්‍ය හමුවේදී රටේ පවතින තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.