බේකරි භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබේ

Spread the love

.

තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇත. මේ දිනවල තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 180 කි. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් කේක් කිලෝවක මිල රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බවද ඔහු සඳහන් කළේය.

පාන් ඇතුළු බේකරි භාණ්ඩ නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටී ඇති බවත් කුඩා බේකරි බොහොමයක් මේ වන විට වසා දමා ඇති බවත් ඔහු පවසයි.

සමහර බේකරි හිමියන් මාළු පැණි රුපියල් 120කටත් සැන්ඩ්විච් එකක් රුපියල් 250කටත් අලෙවි කරන නිසා බේකරි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

සීනි කිලෝවක මිල රුපියල් 250 දක්වාත් පොල්තෙල් ලීටරයක මිල රුපියල් 1100 දක්වාත් ඉහළ දමා ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *