ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථවල ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අවසර ලබාදී තිබේ.
ගමනාගමන මණ්ඩලයේ බස් ගාස්තු සහ පෞද්ගලික බස් ගාස්තු 19.5%කින් ඉහළ දමා තිබෙනවා.
ඉහළ යන ඉන්ධන මිලට සමගාමීව මෙම මිල වැඩි කිරීම සිදු කර ඇති බව පැවසේ.
ඒ අනුව අවම ගාස්තුව වන රුපියල් 32 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ