බදුල්ලේ බස් අනතුරකින් තිදෙනෙකු මියගොස් 25 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත
බදුල්ල, දුන්හිඳ ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරින් තවත් මගියෙකු මිය යාමත් සමඟ මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බදුල්ල-මහියංගනය මාර්ගයේ දුන්හිඳ වංගුව අසල 4 වන සැතපුම් කණුව ප්‍රදේශයේදී අද (21) දහවල් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබේ. බදුල්ලේ සිට අ’පුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බව වාර්තා වේ.
