බාධාකාරී සාකච්ඡාවලින් තොරව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ජනපති සූදානම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි ආයතන සමඟ “අනවශ්‍ය” සාකච්ඡා නොකර පෞද්ගලික විශ්වවිද්‍යාල සහතික කිරීම ඉදිරියට ගෙන යාමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සයිටම් ආයතනයට අනුමැතිය ලබා දුන්නා. ඉන්පසුව ජනාධිපතිවරණ සමයේදී ඔහු කියා සිටියේ GMOA සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) සයිටම් ආයතනයට විරුද්ධ විය යුතු බවයි. මට මතකයි හිටපු විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම සයිටම් ආයතනය දිගටම පවත්වාගෙන යා යුතු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළ නමුත් පසුව එවකට ජනාධිපති (මෛත්‍රීපාල සිරිසේන) සමඟ වෙනම සාකච්ඡා පැවැත්වු අතර එතැනින් තමයි ගැටලුව ආරම්භ වුණේ. . ඒකයි මම කියන්නේ මේ පෙසප කාරයෝ එක්ක මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ කියලා.” ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.