පකිස්ථානයේ අලුත උපන් බිළිඳුන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇත

Spread the love

පකිස්ථානයේ වෛද්‍ය උපකරණ, ඇඳන් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම නිසා රෝගීන්ගේ සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇත.

බොහෝ නගරවල මාතෘ වාට්ටු සහ ළමා වාට්ටු පිරී ගොස් ඇති අතර, ඇඳකට ළදරුවන් හතර දෙනෙකු සිටින බව විදෙස් වාර්තා පවසයි.

දරු ප්‍රසූති වාට්ටුවල එකම ඇඳක මවුවරුන් දෙදෙනකුට වඩා සිටි අවස්ථා ද ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

1998 වසරේ සිට පාකිස්ථානයේ ළමා රෝග වාට්ටු සහ රෝහල් පහසුකම් පුළුල් කිරීමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බව ඔවුන් කියා සිටියා.

දිනකට සිසේරියන් සැත්කම් ඇතුළු දරු ප්‍රසූති 23ක් සිදුවන නමුත් ඇතැම් රෝහල්වල ඇත්තේ එක් ශල්‍යාගාරයක් පමණක් බව විදෙස් වාර්තා පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *