නේපාල ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ තිබී මේ වනවිට මළ සිරුරු 21ක් සොයාගෙන තිබෙනවා.
කඳු මුදුනේ ගැටීමෙන් පසු යානයේ කොටස් මීටර් 100ක පමණ අරයක් පුරා පැතිරී තිබූ බව පොලිසිය පවසයි.
ගුවන් යානය අඩි 14,500 ක උන්නතාංශයක දී කඩා වැටී ඇති බව ගුවන් තොටුපළ කළමනාකාරීත්වය පවසයි.
නේපාල හමුදා ප්රකාශකයෙකු පැවසුවේ මළ සිරුරු ගොඩගැනීම සඳහා නේපාල සොල්දාදුවන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය අසලට ගොඩ බැස්ස බවයි