බේකරි හිමියන්ට සියයට 12ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවන බැවින් ඉදිරියේදී බනිස් ඇතුළු අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
සුරාබදු බද්ද ඉවත් කිරීමට රජය කටයුතු නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු පවසයි.
කුඩා බේකරි හිමියන් බද්දෙන් නිදහස් කළද සියලුම බේකරි හිමියන්ගෙන් සියයට 60කට අදාළ බද්ද ගෙවීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
බේකරි හිමියන්ගෙන් අය කරන නිෂ්පාදන බද්දෙන් රජය නිදහස් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔහු පැවසීය.
බේකරි නිෂ්පාදනවලට අමතරව මාගරින් සහ කිරිපිටි වැනි අමුද්‍රව්‍ය සඳහා බේකරි හිමියන් සියයට 12 ක නිෂ්පාදන බද්දක් ගෙවයි. එබැවින් බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති නිෂ්පාදන බද්ද ඉවත් කර සහන සලසන ලෙස බේකරි හිමියන් රජයෙන් ඉල්ලා සිටිති.
මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණ බේකරි 2000ක් පමණ වසා දමා ඇති බවයි.