රජය විසින් පෞද්ගලික ආයතනවලින් කුලියට ගත් වාහන 250ක් පමණ නිෂ්ක්‍රීයව තබා ඇති නමුත් මාසික කුලිය ගෙවමින් සිටින බව වාර්තා වේ.
මාසික කුලිය ගෙවන්නේ ඉන්ධන නොමැතිකම නිසා එම වාහන නවතා තිබියදීය.
වාහනයක අවම මාසික කුලිය රුපියල් ලක්ෂ දෙකකට වැඩි බව පැවසේ.
රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් පාලනය කර වාහන භාවිතය පාලනය කරන ලෙස මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබියදී බොහෝ රාජ්‍ය ආයතන එම උපදෙස් නොසලකා හරිමින් කුලී ගෙවා වාහන ගාල් කර තිබේ.