දිවයින පුරා පිහිටි පිරවුම්හල්වල ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගත් බව බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
මාර්ගෝපදේශ කඩකරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.