දින දෙකක් පෙට්‍රල් නැති බව බලශක්ති ඇමති කියයි
අද සහ හෙට (මැයි 19 සහ 20) පෙට්‍රල් සැපයුම් නොමැති බැවින් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අද පාර්ලිමේන්තු සැසිවාරයේදී රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳ යාවත්කාලීනයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා මෙම සති අන්තයේ ගැටලුව විසඳන බවට ප්‍රතිඥා දුන්නේය.
කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඩීසල් තොග පවතින බැවින් අඛණ්ඩව ඩීසල් ලබා දෙන බවද අමාත්‍ය විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මේ නිසා තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු ඉතා සීමිත තොග ප්‍රමාණයකින් සිදුවන නිසා පෝලිම්වල නොසිටින ලෙසයි” අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට අත්‍යාවශ්‍ය සේවා සඳහා විශේෂයෙන්ම ගිලන් රථ සඳහා පෙට්‍රල් තොග සැපයිය යුතු බවයි.
“මෙම [තත්ත්වයට] අපි සමාව අයදිමු. ත්‍රිරෝද රථ දෛනික ඉන්ධන මිලදී ගැනීම් සමඟ ක්‍රියාත්මක වන බව අපට වැටහෙනවා. කෙසේ වෙතත් අද සහ හෙට පෝලිම්වල රැඳී නොසිටින ලෙස අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”