ශ්‍රී ලංකාවේ බොහෝ අවන්හල් සාමාන්‍ය තේවල මිල රුපියල් 60 දක්වා ඉහළ දමා ඇත.
ආපනශාලා හිමියන් පැවසුවේ සීනි සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇති බවයි.
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමඟ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයින් සංඛ්‍යාව අඩු වී ඇති බව ආපනශාලා හිමියෝ පවසති.
කිරි තේ කෝප්පයක මිල පසුගියදා රුපියල් 100 දක්වා ඉහළ දමා ඇති බව දන්නා කරුණකි
