ටොරොන්ටෝ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙහැවිරිදි පිරිමි ළමයෙකු ඛේදජනක ලෙස මිය ගොස් තිබේ.
ඊයේ සවස ටොරොන්ටෝ හි ඇල්බට් මාවත සහ ලේක් ෂෝ ප්‍රදේශය ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය දැනගත් පොලිසිය එම ස්‌ථානයට ගොස් පරීක්‍ෂා කළ අතර එහිදී දරුවා බරපතළ ලෙස තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අයුරු දැකගත හැකි විය.
වහා රෝහල් ගත කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේ සිට ඇති අතර ඔහු පරීක්ෂණවලට සහයෝගය දක්වන බවද පොලිසිය පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය සඳහන් කළේ, දරුවා සිය දෙමාපියන් සමඟ සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.