ජනාධිපති මන්දිරයේ දේපළවලට හානි කළ 5ක් අත්අඩංගුවට

Spread the love

2022 ජුලි 09 වැනි දින මහජන නොසන්සුන්තාව අතරතුර කොළඹ කොටුවේ ජනාධිපති නිල නිවසට නීති විරෝධී ලෙස ඇතුළු වී දේපළවලට හානි කිරීමේ චෝදනාව මත සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ නිවසේ යකඩ සොරකම් කරමින් සිටි සැකකරුවෙකු සොයාගත් බව පොලිසිය පවසයි.

ජනාධිපති නිල නිවසේ රැඳී සිටීමේ චෝදනාව මත කොළඹ 14, කළුපෝවිල සහ රුක්මල්ගම ප්‍රදේශවල සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති නිල නිවසේ යකඩ සොරකම් කිරීමේ චෝදනාව මත කොළඹ – 13 ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොම්පනිතෙරු පොලිසියට භාරදී ඇත.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු ඇන්තනි වේරංග බුෂ්පික ද අධිකරණ නියෝගයකට එරෙහිව විරෝධතාවයේ නිරතවීම සහ පොදු දේපළවලට අලාභ හානි සිදුකිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ජුනි 9 සහ 10 යන දිනවල පිළිවෙළින් කොටුව සහ බත්තරමුල්ල ප්‍රදේශවල පැවති පෙළපාලි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලිසිය වෙත භාරදී තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *