ඉන්දියාවේ විරෝධය නොතකා චීනයේ ‘යුවාන් වැන්ග් 5’ සමීක්ෂණ නෞකාවට අම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
වාර්තාවන අන්දමට චීනය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ හැකියාව ප්‍රමාද කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය අස්ථාවර කරනු ඇතැයි යන බිය නිසා ශ්‍රී ලංකාව මෙම තීරණය ගෙන ඇත.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර ගැටුමක් ඇති වූ බවත් ඇමරිකාවද ඉන්දියාවට සහය පළ කළ බවත් එම පුවත්වල සඳහන් කර තිබෙනවා.