කැනඩාවේ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සාගින්නෙන් පෙළේ – මත විමසුමකි

Spread the love

මත විමසුමකට අනුව, කැනඩාවේ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් හෝ සියයට විස්සක් සාගින්නෙන් පෙළෙති.
ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පැස්ටා, පාන්, මස් වැනි මූලික ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

කුසගින්න සහ ආහාර අනාරක්ෂිත භාවය රට පුරා ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

කැනේඩියානුවන්ට ප්‍රමාණවත් තරම් මුදල් නොමැති නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර අනුභව කළ නොහැක.

වසරකට ඩොලර් 50,000ට අඩු ආදායමක් ලබන අයගේ ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ.

2020 මාර්තු සහ 2022 මාර්තු අතර කැනේඩියානුවන්ගෙන් සියයට 20 ක් කුසගින්නෙන් පෙළුණු බව වාර්තා වේ.

පසුගිය වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පුද්ගලයින් 4000ක් පමණ අතර මෙම මත විමසුම සිදු කර ඇත.

ආහාර බැංකුවල සහය පතන පුද්ගලයන් සංඛ්‍යාව මෙතෙක් වාර්තා නොවූ ඉහළම අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
සැලකිය යුතු කරුණක් නම්, Mainstreet Research විසින් මෙම මත විමසුම පවත්වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *