නිව්යෝර්ක් සිට ඩලස් දක්වා ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් නතර කර ඇති අතර, එමඟින් එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ, නිව් ජර්සි හි නිව්වාක් ලිබර්ටි ගුවන් තොටුපළ, බැල්ටිමෝර්/වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන් තොටුපළ සහ ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වන ගුවන් ගමන් සඳහා බිම් නැවතුම් නිවේදනය කළේය.
