උද්ධමන සටහනේ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ!
Johns Hopkins විශ්වවිද්‍යාල උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.
ඊයේ (11) නිකුත් වූ නවතම වාර්තාවට අනුව උද්ධමන දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවූ ශ් රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍ය උද්ධමන දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන අතර තුර්කිය දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හොන්ග්ගේ උද්ධමන දර්ශකය, ගෝලීය ආර්ථික තත්ත්වයන් මත මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එය ලෝකයේ ප්‍රධාන උද්ධමන විශ්ලේෂණ මිණුම් ලකුණ ලෙස සැලකේ.
ඒ අනුව වෙනිසියුලාව සිවුවැනි ස්ථානයේ ද ලෙබනනය පස්වැනි ස්ථානයේ ද පාකිස්තානය 12 වැනි ස්ථානයේ ද පසුවේ.