විදුලි බලාගාරවලට ඉන්ධන ලබා නොදුනහොත් ලබන සතියේ සිට දිනකට පැය 10කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
කැළණිතිස්ස තාප විදුලි බලාගාරය ඉන්ධන හිඟයක් හේතුවෙන් ඊයේ සම්පූර්ණයෙන් අක්‍රිය වූ අතර අද සිට ප්‍රදේශ කිහිපයක පැය 10ක කාලයක් විදුලිය විසන්ධි කර තිබෙනවා.
අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට පැය 10කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
මෙම සතියට අවශ්‍ය ඉන්ධන තොග මෙතෙක් ලබාදී නොමැති බැවින් අද සිට පළමු පැය 10 විදුලිය විසන්ධි කරන අතර හදිසි තොග නොමැති වුවහොත් කාලය තවත් වැඩි කරන බව වාර්තා වේ.