පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 43 දෙනෙකු රජයට සහය පළකිරීමෙන් ඉවත් වන බව ප්රකාශ කිරීමත් සමඟ රජයට තුනෙන් දෙකක බලයක් අහිමි වී තිබෙනවා.
ඒ අනුව අද පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 13 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්රකාශ කළා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 14 දෙනෙකු සහ විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්රීවරුන් 16 දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව ප්රකාශ කර තිබෙනවා.