ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ගිවිසුමක් සකස් කරමින් සිටින බව වාම කේන්ද්‍රයේ කැඳවුම්කරු සමීර පෙරේරා මහතා පැවසීය.
එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනවාද නැතිනම් වෙනත් ආණ්ඩුවක් පිහිටුවනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම පරිපාලනය යටතේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ දීර්ඝ කාලයක් අධ්‍යයනය කර නව රජය කාල සීමාවක් සහිතව පවත්වාගෙන යාමට මූලික එකඟතාවකට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළේය.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඉහත අදහස් පළ කළේය.