අමරකීර්ති අතුකෝරල ඝාතනය

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්ටුව මහතා පැවසුවේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක රාජකාරියට සම්බන්ධ පොලිස් සැරයන්වරයෙකුගේ තුවක්කුකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මන්ත්‍රීවරයාට පහරදීමට යොදාගත් තුවක්කුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවියක් සමඟ නිට්ටඹුව ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 09 වැනිදා කොළඹ සිට පොළොන්නරුව බලා යමින් සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් සැරයන්වරයාට ද පහර දී ඔහුගේ තුවක්කුව සොරකම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *