QR පද්ධතිය සාර්ථකයි – බලශක්ති ඇමති

Spread the love

බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසුවේ, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1,190 න් ස්ථාන 962 ක් මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇති බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊයේ (29) ඉන්ධන පිරවුම්හල්වලින් බොහොමයක් QR කේතයට අනුව ඉන්ධන නිකුත් කළ බවයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 657ක් ඒ ආකාරයෙන් ඉන්ධන ලබාදී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා වාහන 4,651,911ක් ලියාපදිංචි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ලියාපදිංචි යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 27කට ආසන්න බව පැවසේ.

QR කේත හරහා ඉන්ධන බෙදා හැරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *