පසුගිය දින කිහිපය තුළ බොහෝ ඉන්ධන පිරවුම්හල්වලින් පිටත පෝලිම් දක්නට ලැබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නොවැම්බර් 1 වන දිනට අදාළ ගෙවීම් නොකළ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ඉන්ධන නිකුත් නොකිරීමෙන් දඬුවම් කිරීම හේතුවෙනි.
එහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීමේ ගැටළු බොහෝ දුරට විසඳා ඇති බවයි. නොවැම්බර් 1 වැනිදා වන විට බොහෝ බෙදාහරින්නන් ඉන්ධන සඳහා මුදල් ගෙවා නොමැති බව පිළිගන්නා අතර, ගෙවීම් ප්‍රමාදයට දඬුවම් කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මෙම අලෙවි නියෝජිතයින්ට දින තුනක් තිස්සේ ඉන්ධන නිකුත් නොකළ බවට නාඔටුන්න චෝදනා කළේය.
“නොවැම්බර් 1 වනදා තොග සඳහා මුදල් නොගෙවූ අලෙවි නියෝජිතයින්ට දඬුවම් ක්‍රමයක් ලෙස තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් නොකළ බවට සාක්ෂි තිබේ. මේකට සාක්ෂි දෙන්න පුළුවන් වෙළෙන්දෝ ඉන්නවා. දින තුනක් තිස්සේ මෙලෙස ඉන්ධන නිකුත් නොකිරීම නිසා නැවත ඉන්ධන පෝලිම් ඇති විය. තෙල් සංස්ථාව මෙය නොකළ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. ඇත්ත වශයෙන්ම, CPC ප්‍රාදේශීය අධීක්ෂකවරුන් විසින් අලෙවි නියෝජිතයින්ට ලිඛිතව පණිවිඩ යවා ඇති අතර, අලෙවි නියෝජිතයින් විසින් ගෙවීම් පියවා නොගන්නේ නම්, ඔවුන්ට දින නියමයක් නොමැතිව ඉන්ධන නිකුත් නොකරන බව සඳහන් කර ඇත.