තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගොනු කළ නෙරපා හැරීමේ පෙත්සම මැයි මස 28 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම සම්බන්ධයෙන් ඩයනා ගමගේගේ ස්ථාවරය ලබන දින අධිකරණයට දැනුම් දීමට නියමිතයි.
ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව මැයි 28 වැනිදාට කල් තැබීය.
වාර්තාව කේ.අනීතා විසිනි