රටේ පැවැත්ම සඳහා ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා උපයෝගී කර ගත යුතු බව සිකුරාදා (11) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අනාගත තර්ජන සෘජු සටන්වලට සම්බන්ධ නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරියේදී වක්‍ර තර්ජනවලට මුහුණදීම සඳහා සන්නද්ධ හමුදාවන් සූදානම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. මෙම අනාගත තර්ජනවලට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.
“කිසිදු හමුදාවකට යුද්ධයකට යාමට හෝ ඕනෑම තැනක සටන් කිරීමට අවශ්‍ය නැත. ඔබ ජීවත් වන්නේ අප ඉපදුණු ලෝකයට වඩා වෙනස් ලෝකයක ය. අපි ඉපදෙනකොට ඉන්දියන් සාගරයට දබරයක් තිබුණේ නැහැ, එක අවස්ථාවක කාටවත් ඕන වුණේ නැහැ. අද ඒක එහෙම නැහැ,” ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එබැවින් නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
“අනෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවේ අපට බලපානු ඇත, එබැවින් අපගේ නාවික යාත්‍රා කිරීමේ අයිතිය, ශ්‍රී ලංකාවට පැමිණීමේ අයිතිය තහවුරු කිරීම සඳහා දේශපාලන කුසලතා, අපගේ රාජ්‍යතාන්ත්‍රික කුසලතා සහ අපගේ හමුදා කුසලතා භාවිතා කළ යුතුය.