ආණ්ඩුව ගෙදර යවන තුරු අපේ විරෝධතාව දිගටම පවතිනවා

Spread the love

ත්‍රිරෝද රථ රියදුරන්ට සතියකට ඉන්ධන ලීටර් 30ක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමයක් පිළියන්දල නගරයේ විරෝධතාවයක නිරත විය.

වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා මෙසේ පැවසීය.

රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටින රියදුරන්ගේ බඩට වැදී ඇත. QR මාදිලියේ අපිට පෙට්‍රල් ලීටර් 5ක් මදි.

පිළියන්දල නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතාව අද සිට දිවයින පුරා සෑම නගරයකම පැවැත්වේ.

ඒ වගේම මේ ආණ්ඩුව ගෙදර යනකම් අපි අපේ විරෝධතාව දිගටම කරගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *