කැනඩාවේ පොදු ප්රවාහන සේවය වන TTC ප්රවේශපත්ර නොමැති මගීන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ප්රවේශපත්ර නොමැතිව ගමන් කරන්නන්ට ඩොලර් 425 දක්වා දඩ මුදලක් අය කරන බව නිවේදනය කර ඇත.
TTC ප්රකාශක ස්ටුවර්ට් ග්රීන් පැවසුවේ ප්රවේශපත්ර රහිත සංචාරකයින්ට සෑම වසරකම ඩොලර් මිලියන ගණනක් අහිමි වන බවයි.
මෑත කාලීන විගණන වාර්තාවකින් පෙන්නුම් කළේ තම ගාස්තු ගෙවීමට අපොහොසත් වන මගීන් නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 70 ක ආදායමක් අහිමි වන බවයි.
මුළු මගීන්ගෙන් සියයට 3ක් ගාස්තු ගෙවීමට අපොහොසත් වන බව වාර්තා වේ.ගාස්තු නොගෙවන අය සෙවීමට පත්කළ නිලධාරීන් ජාතිවාදී පදනමින් කටයුතු කිරීම විශේෂත්වයකි.
නුදුරු අනාගතයේ දී විධිමත් ක්රමවේදයක් හඳුන්වා දෙන බවත් ගාස්තු ගෙවීමෙන් වැළකී සිටින අය හඳුනා ගැනීමට පියවර ගන්නා බවත් TTC දැනුම් දී ඇත