බිත්තර මිල රුපියල් 5කින් අඩු වෙ

Spread the love

සඳුදා (22) සිට බිත්තරයක මිල අඩු කරන බව සමස්ත ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කරන බව එම සංගමය පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සමස්ත ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

සමස්ත ශ්‍රී ලාංකීය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු ආහාර නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

කුකුළු ආහාර හිඟය සහ මිල ඉහළ යාම නිසා බිත්තර නිෂ්පාදකයින්ට බිත්තර මිල ඉහළ දැමීමට සිදුව තිබේ.

මේ නිසා බිත්තරයක් රුපියල් 60 ත් 70 ත් අතර මිලකට අලෙවි වන නිසා මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ අතර බිත්තර නිෂ්පාදකයින් මිල අඩු නොකළහොත් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් හඳුන්වා දෙන බවට වාණිජ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *