සත්ව ආහාර හිඟය, කිරි, බිත්තර, කුකුළු මස් නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇත

Spread the love

කිරි, බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වාර්තා කර ඇත.

ඒ අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8 කින් ද බිත්තර නිෂ්පාදනය සියයට 34.9 කින් ද කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1 කින් ද අඩු විය.

මෙම තත්ත්වයට හේතුව සත්ත්ව ආහාර නිසි ලෙස නිෂ්පාදනය නොකිරීම බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ලබන වසරේ ශ්‍රී ලංකාව දැවැන්ත ආහාර හිඟයකට මුහුණ දෙන බවට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුව රජයට අනතුරු අඟවා තිබේ.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ලබන වසරේදී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇති බවද ඔවුහු පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *