සියගණනක් විරෝධතාකරුවන් බැග්ඩෑඩ් හි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුනේ අධි ආරක්ෂිත වට රවුම බිඳ දමමිනි.
විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු එහි නොසිටි බවයි.
ඉරාකයේ වත්මන් අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කදිමි පාර්ලිමේන්තුවට ඇතුළු වී සිංදු කියමින්, නටමින් සහ මේස මත වැතිර සිටි විරෝධතාකරුවන්ට ගොඩනැගිල්ලෙන් පිටව යන ලෙස ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය ධුරය සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු පත් කිරීමට එරෙහිව පූජක මුක්තාඩා අල්-සදර්ගේ ආධාරකරුවන් විරෝධතා පවත්වමින් සිටිති.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවති මැතිවරණයෙන් අල් සදර්ගේ පක්ෂය ආසන 73ක් දිනාගනිමින් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය බවට පත්වුණා. කෙසේ වෙතත් ආණ්ඩු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාග පක්ෂ අතර ඇති වූ ගැටලු හේතුවෙන් කඹ ඇදීම දිගින් දිගටම සිදු විය. මේ අවස්ථාවේදී අගමැති ධුරය සඳහා මොහොමඩ් අල් සුඩානිගේ නම ප්‍රකාශයට පත් විය. මෙයට එරෙහිව Al-Sadr ගේ ආධාරකරුවන් විරෝධතාවයේ නිරත වේ.
මේ අතර, 2016 වසරේදී අල් සදර්ගේ ආධාරකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වී මෙවැනිම විරෝධතාවක් පැවැත්වීය. පසුගිය 2019 වසරේ ජනතාව විශාල වශයෙන් ඒකරාශී වී රටේ දූෂණයට සහ විරැකියාවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමද විශේෂත්වයකි.