කිරිපතගොඩ රෝහලේ සේවකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔවුන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගම්පහ රෝහලේ දැනට කොරෝනා රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර මාස කිහිපයක් වසා දමා තිබූ කොරෝනා වාට්ටු තුළ ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පසුගිය දින කිහිපය තුළ කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් නිර්දේශිත සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා ප්‍රකාශ කළේය.