සජිත් එක්සත් ජනතා පක්ෂ අගමැති අපේක්ෂකයාය
කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් අද (15) පෙරවරු 10.00ට ආරම්භ විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින් ද සහභාගී වී ඇත. අග්‍රාමාත්‍ය ධුරය සඳහා වන නාමයෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් ඇතිකරගත් එකඟතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ප්‍රධාන විපක්ෂයේ එක්සත් ජනතා ශක්ති පක්ෂය තීරණය කර තිබේ. එමෙන්ම තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එකඟතාවකට පැමිණෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතානායක මහතා පවසයි