වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාප්පා අබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් ඉදිරි පැය 24 තුළ වැඩපිළිවෙල රටට ඉදිරිපත් නොකළහොත් ලබන 18 වැනිදා රට පුරා හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් සිදුකිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.
එම ස්ථානයේ සම සම්බන්ධීකාරක රවී කුමුදේශ් මහතා පැවසුවේ, ජනතාව අතරමං නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථාපිත ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාවට පරිබාහිර කැලෑ නීතියක් අවශ්‍ය නොවන බවත්ය.
රනිල් වික්‍රමසිංහගේ සැලසුම සියල්ල ව්‍යාකූල කර ජනාධිපති සළුව ඩැහැගැනීම බවද ඔහු සඳහන් කළේය. මෙම අරගලය දැනටමත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ෆැසිස්ට්වාදී අරගලයක් ලෙස නම් කර ඇති බවත් එම නිසා ඉලක්කය ගමන් කරන්නේ කුමන දිශාවටද යන්න තේරුම් ගැනීම අපහසු නොවන බවත් ඔහු පැවසීය.
———————-
සජිත් එක්සත් ජනතා ශක්ති අගමැති අපේක්ෂකයාය
කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් අද (15) පෙරවරු 10.00ට ආරම්භ විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින් ද සහභාගී වී ඇත. අග්‍රාමාත්‍ය ධුරය සඳහා වන නාමයෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් ඇතිකරගත් එකඟතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ප්‍රධාන විපක්ෂයේ එක්සත් ජනතා ශක්ති පක්ෂය තීරණය කර තිබේ. එමෙන්ම තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එකඟතාවකට පැමිණෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතානායක මහතා පවසයි.