වසරේ මුල් මාස හය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1,459 දෙනෙකු ජීවිතක්ෂයට😒

Spread the love

වසරේ මුල් මාස හය තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 1,459 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ 2022 වසරේ මුල් මාස 6 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1459 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජනවාරි 01 වැනිදා සිට ජූලි 01 වැනිදා දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වූ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම ප්‍රධාන මාර්ග අනතුරු 1,387කින් පුද්ගලයන් 1,459ක් මිය ගියහ. මෙම අනතුරුවලින් පුද්ගලයන් 3,326 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

මෙම කාලසීමාව තුළ සුළු අනතුරු 4,309ක් සිදුව ඇති අතර, දේපළ හානි 2,229ක් සිදුවී ඇත.

කෙසේ වෙතත් මේ දිනවල හදිසියේ මාර්ගවල වාහන ප්‍රමාණය අඩු වී ඇති බැවින් අනතුරු ඉතා අඩු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *