මාතෘභූමිය ආරක්ෂා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ පක්ෂ සූදානම් බවයි.
ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ජනවරම අවසන් වී ඇති බවත්, එම පිල් තුන සුන්දර මාතෘ භූමිය විනාශ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නව ජනාධිපතිවරයෙකුගේ සහ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රජයක් පත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත.
කවුරුන් හෝ ඊට විරුද්ධ වුවහොත් හෝ පාර්ලිමේන්තුවේ සිට කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.