කම්බල, කචමලෙයි වීදන් ප්රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බුපුරැස්ස පොලිසිය පැවසුවේ කම්පල පෙරටසි සිට පුසල්ලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පැති තාප්පයට වැටීමෙන් මියගිය බස් රථයේ දොරේ එල්ලී සිටි මගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුර දුටු ප්රදේශවාසීන් බස් රථයේ සිටි මගීන් බේරාගෙන බස් රථයට ගිනි තබා ඇත.
ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත