යාපනය සහ කිලිනොච්චිය අතර නිලධාරීන් සඳහා විශේෂ සේවාවක් අද (11) ආරම්භ කර තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සේවය කරන සිය ගණනක රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සේවකයින්ගේ ඉල්ලීම මත කිලිනොච්චිය සහ යාපනය අතර දුම්රිය සේවාවක් ආරම්භ කර තිබේ.
කිලිනොච්චිය සහ යාපනය පරිපාලන දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජනතාවටද මෙම සේවාව ඉමහත් ආශීර්වාදයකි.
මෙම සේවාව මාන්කුලම් හෝ වවුනියාව දක්වා දීර්ඝ කරන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් කරමින් සිටීම විශේෂත්වයකි.