ඉදිරි දිනවලදී භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
පසුගිය කාලයේ රජය අඩු මිලට ජනතාවට විදුලිය, ජලය, ඉන්ධන ලබා දුන්නා. මේ සඳහා දරන ලද වියදම් භාණ්ඩාගාරයෙන් දැරීමට සිදු විය. නමුත් පවතින තත්ත්වය තුළ එය කළ නොහැකියි. භූමිතෙල් දැනට රුපියල් 87 කට අලෙවි වේ. එහි මිල රුපියල් 420 කි. එබැවින් ඉදිරි දිනවලදී භූමිතෙල් මිල ඉහළ දැමිය යුතු බවද ඔහු පැවසීය.