ඊයේ දිනයේදී කැනඩාවේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් වාර්තා වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෑත වසරවලදී කැනේඩියානු ප්‍රධාන නගරවල සන්නද්ධ ප්‍රචණ්ඩත්වයේ සිදුවීම් සංඛ්‍යාව නාටකාකාර ලෙස වැඩි වී තිබේ.
ටොරොන්ටෝ, බ්‍රැම්ප්ටන් සහ ස්කාර්බරෝ ඇතුළු විවිධ නගරවල ඊයේ වෙඩි තැබීම් වාර්තා වී තිබේ.
ස්කාර්බරෝ නගරයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු දක්වා තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් පිරිමි තිදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඊයේ අලුයම බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පියවරුන්ගේ දිනයේ ප්‍රචණ්ඩත්වය ටොරොන්ටෝ හි වැඩිවෙමින් පවතී.
වෙඩි තැබීම් හතරකින් එක් අයෙකු මිය ගිය අතර තවත් හත් දෙනෙකු දක්වා තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් අතර නව යොවුන් වියේ පිරිමි ළමුන් දෙදෙනෙකු ද වන බව පොලිසිය පවසයි